බිම ඇද වැටී මියයාම මිනීමැරුමක් වූ හැටි

null

රෝගී තත්ත්වයෙන් බිම ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය පුද්ගලයෙක් මොට ආයුධයකින් පහර දී මරා දමා ඇති බව ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරික්ෂයේ දී හෙළිවී තිබේ.

අස්ගිරිය වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි සිසිර පුෂ්පකුමාර නැමැති පනස් හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා පෙරේදා (14) දින බිරිඳ විසින් රෝහල් ගත කර ඇත්තේ අසනීප තත්ත්වය නිසා බිම අද වැටුණු බව සඳහන් කරමින්.

එදින පහරදීම සිදුව ඇති අතර තුවාලවලට බෙහෙත් දමා ඔහුව එම අවස්ථාවේත් රෝහලෙන් රැගෙන ගොස් තිබේ.

පසුව ඔහු මිය ගොස් ඇති අතර මොට ආයුධයකින් පහර දීම නිසා ඇතිවූ අභ්‍යන්තර ලේ ගැලීම මරණයට හේතු වී ඇති බව ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරික්ෂයේ දී ඊයේ හෙළිවිය.

පසුව පොලිස් නිලධාරීන් ඔහුගේ නිවාස පරික්ෂා කළ අතර එහිදී ලේ පැල්ලම් තිබූ ස්ථාන කිහිපයක් හමුවී තිබේ. මියගිය පුද්ගලයාගේ බිරිඳගෙන් ගම්පහ පොලිසිය මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>