බිරිඳගෙන් මුදල් නැති නිසා සැමියා දරුවන් පුච්චන්න හදලා

null

තම දරුවන් දෙදෙනා භූමිතෙල් වක්කර ගිනිතැබීමට තැත්කළ සැකකාර පියෙකු බගවන්තලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ බිරිඳ මීට මාස හයකට (6) ප්‍රථම මැලේසියාවේ ගෘහ සේවයට ගොස් ඇති අතර බිරිඳ විසින් කිසිදු මුදලක් මේ වන තෙක් නොඑවීම හේතුවෙන් සැකකරු දැඩි කෝපයෙන් සිට ඇත. පසුගිය 07 වනදා රාත‍්‍රී 7.30 ට පමණ තම නිවසේ සිට දරුවන් දෙදෙනා සමඟ බිරිඳට දුරකථනයෙන් කතා කර වියදමට මුදල් එවනා ලෙස කරන ලද ඉල්ලීමට බිරිඳ විසින් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කෝපයට පත් පියා නිවසේ තිබූ භූමිතෙල් බඳුන ගෙන දරුවන් දෙදෙනාට භූමිතල් වක්කර තිබේ.

ඉන් බියට පත්වූ වූ දරුවන් දෙදෙනාගේ කෑගැසීම ඇසී දරුවන් දෙදෙනාගේ මාමා සහ නැන්දනිය එම නිවසේ දොරකඩාගෙන නිවස ඇතුලට පැමිණ තිබෙන අතර ඒ අවස්ථාවේ දරුවන් දෙදෙනා භූමිතෙල් සහිතව නිවසෙන් එළියට පැන ආ බව දරුවන් දෙදෙනාගේ නැන්දනිය පවසයි.

පසුව මේ පිළිබඳව බගවන්තලාව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් රොක්ගිල් වතුයායට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බවත් දරුවන් බගවන්තලාව රෝහලට ඇතුලත් කළ බවත් වාර්තා වේ.

සැකකාර පියා හැටන් මහේස්ත‍්‍රාත් ප‍්‍රසාද් ලියනගේ මහතා වෙත ඊයේ (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ මස 19 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ බගවන්තලාව රොක්ගිල් වතුයායේ පදිංච් දේවරාජ් රමේෂ් නැමැති තිස්හතර විරිදි දෙදරු පියෙකි.

null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>