බිරිඳගේ ගෙල කපා සැමියත් ගෙල කපාගෙන

null

කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ ස්වාමියා ද ගෙල කපාගෙන ළිඳට පැන සියදිවි හානිකරගෙන තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිදුවී ඇති බව පොලිසිය පවසයි.

සැමියා බිරිඳ සමග කලක සිට ආරවුලක සිට ඇති අතර ඊයේ (01) රාත්‍රී 9.30ට පමණ එය දුරදිග ගොස් සැමියා මන්නය රැගෙන ඇයට පහර කිහිපයක් එල්ල කර තිබේ.

මන්න පහර වැදී බිම ඇද වැටි ඇති ඇය එහිදීම ජිවිතක්ෂයට පත්වී තිබේ. පසුව තමන්ටද මන්න පහර එල්ලකරගෙන ඇති සැමියා ලිඳට පැන සියදිවි හානි කරගෙන ඇත.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පලෙයි චැම්පියන්පත්තු දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වන 40 හැවිරිදි ශිවපාලන් සුභාෂිනි නමැති කාන්තාව යි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිත අතර පලෙයි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>