බිරිඳගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට සැමියාට තර්ජනය කළ අයෙක් දැලේ

null

මාවනැල්ල නගරයේ ව්‍යාපාරිකයකුගේ බිරිඳගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කොට රුපියල් ලක්‌ෂ 25 ක කප්පමක්‌ ඉල්ලූ බව කියන ඔහුගේම සේවකයකු මාවනැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ව්‍යාපාරිකයා මාවනැල්ල නගරයේ ව්‍යාපාරික ස්‌ථානයක්‌ පවත්වාගෙන යමින් සිටින අතර ඔහුගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය හා ඩොන්ගලය පසුගිය දිනෙක අතුරුදන් වී ඇත.

මේ සම්බන්ධව ඔහු විසින් මාවනැල්ල පොලිසියට පැමිණිලි කොට තිබියදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබාගත් අයෙකු ව්‍යාපාරිකයාගේ නැතිවූ පරිගණකය හා ඩොන්ගලය තමා සතුව තිබෙන බවටත් එහි තිබෙන ව්‍යාපාරික බිරිඳගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවටත් තර්ජනය කොට එසේ නොකිරීමට නම් රුපියල් ලක්‌ෂ 25 ක කප්පමක්‌ ලබාදෙන ලෙසටත් දැනුම් දී ඇත.

මේ අනුව පරිගණක සොරකම හා කප්පම පිළිබඳව පොලිසිය තොරතුරු සොයාගෙන යද්දී ව්‍යාපාරිකයාගේ සේවකයකු සොරාගත් භාණ්‌ඩද සමග සැකපිට මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>