16 Oct 2015
බිරිඳ මැරූ සැමියා සහ නැන්දම්මා පෝරකයට
මාතලේ – රත්තොට ප්රදේශයේදී 30 හැවිරිදි තම බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකුට සහ ඔහුගේ මවට අද මහනුවර මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
2009 වසරේදී මෙම ඝාතනය සිදුව ඇති අතර, මීට අදාළ නඩු තීන්දුව ප්රකාශයට පත් කළේ මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දරයි.
2009 වසරේදී මාතලේ රත්තොට ප්රදේශයේදී 30 හැවිරිදි අදාළ කාන්තාවට වෙඩි තබා තියුණු ආයුධයකින් සහ මුගුරකින් පහරදී ඝාතනය කර තිබුණි. නඩු විභාගයේදී මියගිය කාන්තාවගේ එවකට සිව්හැවිරිදි දරුවා විසින් සිදු කරන ලද සාක්ෂිය නඩුවේ ප්රබල සාක්ෂියක් බවට පත් වූ බව සඳහන්ය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවීම හේතුවෙන් විත්තිකාර 58 හැවිරිදි මවට සහ 38 හැවිරිදි පුත්රයාට මරණ දඬුවම නියම කර තිබේ.