බිරියත් දරුවාත් මුහුදට තල්ලු කළ පියා අත්අඩංගුවට

null

ඊයේ (17) රාත්‍රී සිය බිරිඳ හා දෙහැවිරිදි දරුවා මුහුදට තල්ලු කළ බව කියන 31 හැවිරිදි සැමියා කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පියා පොලීසියට කිසිවක් ප්‍රකාශ නොකරන බව කොස්ගොඩ පොලීසිය පවසයි.

සැකකාර පියා අද උදෑසන කොස්ගොඩ – කයිකාවල ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 10.00 ට පමණ තම බිරිඳ සහ දෙහැවිරිදි සිගිති දියණිය නිවසින් කැදවාගෙන ගොස් ඇත්තේ මිත්‍රයෙකුගේ නිවසකට යන බව පවසමින්. ඉන් පසුව මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් එකවරම ඔවුන් මුුහුදට තල්ලූ කර තිබෙනවා. මුහුදට තල්ලූ කරනාවාත් සමඟම දියණිය විසිවී ගොස් මුහුදට වැටී ඇති අතර, බිරිඳ ගල් පරයෙන් පහළට ඇද වැටීමෙන් අනතුරුව දිවි බේරාගෙන ඇති බව සදහන්. පසුව දිවි ගලවා ගත් බිරිඳ, කොස්ගොඩ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.

මුහුදට වැටුණු දෙහැවිරිදි කුඩා දැරිය සොයා තවදුරටත් නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් දියත් කරයි.

සැමියාගේ අනියම් සම්බන්ධයක් මෙම අපරාධය සිදුකිරීමට මුල්ව ඇතැයි සැක කරන බව පොලිසිය කියයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>