06 Dec 2014
බිල් නොගෙවන අයගේ ජලය කැපීම ජනවාරී තෙක් අත්හිටුවයි
හෙට සිට ජනවාරි 15 දක්වා කාලය තුළ ජල බිල්පත් නොගෙවීම නිසා ජල සබඳතා විසන්ධි කිරීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ සර්ව ආගමික උත්සව රාශියක් අදාළ කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙනි.
විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එම නිසා තාවකාලිකව මෙම පියවර ගෙන තිබේ.