බිල ගෙවන තුරු දින 7ක් මළසිරුර තබාගත් ලංකා හොස්පිටල්

null

බිල ගෙවන තුරු නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි මළ සිරුර වහා මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රෝහලට අද නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 19 ක බිලයක් නොගෙවීම හේතුවෙන් අදාළ මළ සිරුර ඥාතීන් වෙත ලබානොදීමට එම රෝහලේ බලධාරින් පියවර ගෙන ඇත.

රුපියල් පන් ලක්ෂයකට හෘද සැත්කම කරන බව කියා මිය ගිය පුද්ගලයා රෝහලට ඇතුළු කළ බවත්, මුලින් තුන් ලක්ෂයක් ගෙවූ පසු සැත්කම කළ බවත්, සැත්කමින් පසු අසාධ්‍ය වූ නිසා රෝගියා කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස ඉල්ලුවත් තවත් රුපියල් 16 ලක්ෂයක් පමණ ඉල්ලූ බවත්, පසුව ඔහු මිය ගිය පසු දේහය නුදුන් බවත් මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව අද දිනයේ අදාළ නඩුව විභාගයට ගෙන තිබේ. එහිදී කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත නියෝග කර සිටියේ මළ සිරුරක් රඳවා තබා ගැනීමට රෝහල් බලධාරින්ට නීතිමය බලයක් නොමැති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ දළුවත්ත පටබැඳිගේ තිලක් දළුවත්තගේ නමැති පුද්ගලයෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>