09 Dec 2014
බිළිදා ඉපදුණු ගමන් කැලේට විසිකළ මවක්
මවක් තම බිලිඳා ඉපදුන ගමන් කැලයකට විසි කර දැමු පුවතක් ආගරපතන – ඩයගම ප්රදේශයෙන් වාර්තා වේ. පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම බිලිඳා සොයාගෙන තිබේ.
අදාල මව අවිවාහක 19 හැවිරිදි මවක් වන අතර ඇය ඊයේ (08) පස්වරු 6 ට පමණ දරුවා ප්රසූත කළ පසු තම නිවසේ ගෙවත්තේ කොනකට දමා ඇත.
අසල්වැසියෙකුගෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත ගෙවත්ත පරික්ෂා කිරීමේදී මෙම බිළිදා සොයාගත් බව ඩයගම පොලීසිය පවසා තිබේ.
සොයාගත් බිළිඳා ඩයගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්රසූත කළ මවද සැකපිට පොලීස් අත් අඩංගුවට ගෙන ඇත.