බීමතින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ්

null

ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්‌ තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක්‌ සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්‍ෂ එකොළොස්‌ දහස්‌ හයසිය තිස්‌පහක්‌ (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි.

මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්‌ථානයකට ගොස්‌ සාදය විනාඩි 45 ක පමණ කාලයක්‌ පවත්වා ඇති බව අනාවරණය විය.

ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්‌වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්‌වා) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

(මීගමුව සමූහ – විමල් කීර්ති)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>