බුද්ධ ප්‍රතිමාවක් ඇතුලේ මමියක්
භාවනා කරමින් සිටියදී මියගිය බවට සැලකෙන අයෙකු යොදා ගනිමින් නිර්මාණය කළ දුර්ලභ ඝණයේ බුද්ධ ප්‍රතිමාවක් සොයාගැනීමට නෙදර්ලන්ත විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
අදාළ ප්‍රතිමාව ක්‍රි.ව 11වන හෝ 12වන සියවසට අයත් එකක් බව පැවසේ.
එම ප්‍රතිමාව විද්‍යාඥයින් විසින් නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් හි වෛද්‍ය පර්යේෂණාගාරයකදී පසුගිය දෙසැම්බරයේ විශේෂ සීටී ස්කෑන් පරික්ෂාවකට ලක්කර ඇති අතර එහිදී පෙනී ගොස් ඇත්තේ භාවනා කරමින් සිටින පුද්ගලයෙකුගේ මමියක් (බෙහෙත් ගල්වා කල්තබා ගත හැකි පරිදි සැකසු මළ සිරුරක්) එම බුද්ධ ප්‍රතිමාව තුළ ඇති බවයි.
ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි එම ප්‍රතිමාව ස්කෑන් පරීක්ෂණයට ලක් කළ පසු එහි ශරීරාභ්‍යන්තරයේ පිහිටි අස්ථි දක්නට ලැබී තිබේ.
මෙම මමිය බෞද්ධ භික්ෂු ලියුක්වාන්ගේ සිරුර බවට විශ්වාස කෙරේ. භාවනා කරමින් සිටියදීම මියගොස් ඇති බවට සැකකරන එම භික්ෂුවගේ සිරුර පසුව අමුද්‍රව්‍ය භාවිතයෙන් පිළිමයක් ආකාරයට සකසා ඇතැයි ඔවුන් සැකකරයි.
මමියේ ඉන්ද්‍රියන් පැවති ස්ථානවල නරක්වූ ද්‍රව්‍ය අතරේ පැරණි චීන අක්ෂර අඩංගු පැරණී කඩදාසි කැබලි තිබූ බවද වාර්තා වේ.මමියේ කොටස් ඞී.එන්.ඒ පරීක්ෂණ සඳහා යවා ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමෙන් පසුව මෙය ලියුක්වාන් භික්ෂුවගේද යන්න තහවුරු කරගත හැකිවනු ඇත.
මෙම ප්‍රතිමාව මේවන විට හංගේරියාවේ බුඩාපෙස්ට් කෞතුකාගාරයේ තබා ඇති අතර මෙවැනි සිද්ධියක් මීට පෙර යුරෝපාකරයෙන් වාර්තා වී නැතැයිද විද්‍යාඥයින් අනාවරණය කරයි.