බෙදුම්වාදය පැරදවීමට මහින්ද යළි බලයට ගෙන ආ යුතුයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වර්තමානයේ ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ පවසයි.

යුදමය වශයෙන් බෙදුම්වාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය ලබාදුන් අතර බෙදුම්වාදය නැවතත් හිස ඔසවමින් තිබෙන බව හෙතෙම පැවසීය. මේ තීරණාත්මක මොහොතේ එම භූමිකාව ඉෂ්ට කළ හැකි එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බවත් පැවසූ අමරසිංහ මහතා තමන්ද එතුමන් සමඟ වැඩ කිරීමට සූදානම් බව පැවසීය.

රට අවුලට ගොස්‌ ආණ්‌ඩුවක්‌ නැති තත්ත්වයට පත්ව ඇති බවත් ඊට වත්මන් පාලකයන් වගකිව යුතු බවත් මේ තිබෙන අරාජික තත්ත්වයෙන් රට බේරා ගැනීමට මේ වේලාවේ මේ මහ පොළොවේ තිබෙන එකම බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය බවත් හෙතෙම සඳහන් කළේය.

රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට තමන්ට ඉලක්කයක් තිබෙන බවද ඔහු කියා සිටියේය. ඒ අනුව ඉදිරියේදී තමන් සමඟ එකතුවන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පවා ආරාධනා කරන බව සෝමවංශ අමරසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>