25 Jan 2015
බෙහෙත් දාන්න රැවුල කැපුවයි කියා යකා නටයි
රිය අනතුරකට ලක්ව ඊයේ (24) පස්වරුවේ මින්නේරිය ජයන්තිපුර රෝහලට ඇතුළත් කල පිරිසකගෙන් එක් අයෙකුට ප්රතිකාර කිරීම සදහා රැවුල කැපීමේ සිද්ධියක් මුල්කරගෙන ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබේ.
රෝහල් ප්රකාශකයෙකු හිරු නිව්ස් වෙත සඳහන් කර ඇත්තේ ඔවුන් බීමතින් සිටි බවයි.
එහිදී මුලික ප්රතිකාර කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා එම රෝගියා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
කෙසේ වෙතත්, නැවතත් පිරිසක් සමග පැමිණ ඔහු රෝහලේ විදුලි බලය අක්රිය කරමින් සේවකයින් සමග බහින්බස් වීමක් ඇතිකරගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.
මේ හේතුවෙන් ජයන්තිපුර – පුනරුත්ථාපන රෝහලේ සේවකයින් අද පෙරවරුවේ සිට සිය සේවා කටයුතුවලින් ඉවත්ව වර්ජනයේ නිරත වුයේ එම සිද්ධියට විරෝධය පළකරමිනි.