බොක්සිං පහර සිසුවියගේ දිවි අහිමි කරයි

null

කාන්තා පාසල් බොක්‌සිං ක්‍රීඩා තරගයක්‌ අතරතුරදී එල්ලවූ පහරකින් බරපතළ තුවාල ලැබූ රත්නපුර සීවලී මහ විදුහලේ ශිෂ්‍යාවක්‌ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (11) පෙරවරුවේ මියගොස්‌ තිබේ.

මහනුවර පල්ලෙකැලේ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවකට අයත් බොක්‌සිං වළල්ලක්‌ තුළදී ඉකුත් 30 වැනිදා මෙම බොක්‌සිං තරගය පවත්වා ඇත.

එහිදී ප්‍රතිවාදී පාසල් ක්‍රීඩිකාව එල්ල කළ පහරකින් බිම ඇද වැටුණු ශිෂ්‍යාව බරපතළ තත්ත්වයේ පසු වූයෙන් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ හිස අභ්‍යන්තරයේ සිදුවූ රුධිර ගැලීමක්‌ හේතුවෙන් සැත්කමකටද ලක්‌කර දින එකොළහක්‌ තිස්‌සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මියගිය ශිෂ්‍යාව රත්නපුර සීවලී මහ විදුහලේ කලා අංශයෙන් උසස්‌ පෙළ හදාරමින් සිටි රත්නපුර පැල්මඬුල්ල පන්සල්වත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි හර්ෂණී සෙව්වන්දි නමැත්තියක බව පොලසිය සඳහන් කරයි.

මහනුවර මූලස්‌ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>