බොහෝ ප‍්‍රදේශවලට තද වැසි – පහත් බිම් රැසක් යටවෙයි

null

සතියක් පුර පැවති තද වැසි තත්වය සහ දැඩි සුළං දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි ලෙස බලපෑ ඇත. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ දිස්ත‍්‍රික්ක 6 ක පවුල් 677 ක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් දිවයින අවට වායු ගෝලයේ පවතින කැලඹිලිකාරී තත්තවය අද දිනයේ දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේ වුවත් අද දිනයේද අපරභාගයේදී හෝ රාත‍්‍රී කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේය.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල ද ඉදිරි කාලසීමාව තුළ වැසි සහිත කාලගුණයක් පැවතිය හැකි බවත් කඳුකර ප‍්‍රදේශවල සහ ජලාශ ආශ‍්‍රීතව ජීවත් වන ජනතාව පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර වැසි ජලය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා පිටවීමේ දොරටු තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසයි. වැල්පැන්න පිටවීමේ සිට අලුත්ගම සහ මතුගම දෙසට ධාවනය කෙරෙන වාහන වැලිපැන්න නගරය ,කොහිලවල , මුණමල්වත්ත පාලම, වලගෙදර පන්සල් හන්දිය යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මාතර දිස්ති‍්‍රක්කයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අකුරැුස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප‍්‍රදේශය සහ අකුරැුස්ස කනහලාගම මාර්ගයේ මාරගොඩ ප‍්‍රදේශය ජලයෙන් යට වී තිබෙ.

අකුරැුස්ස මාකඳුර මාර්ගයේ පෝරුතොට ප‍්‍රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු ඇනහිට ඇති බවද වාර්තා වේ.

ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ ආපදාවන්ට ලක්වූවන් සඳහා සහන සැලසීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>