13 Dec 2014
බෝතල් කටුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ
කොම්පඤ්ඤවීදිය – විතානගේ මාවතේදී ඊයේ (12) රාත්රියේ බෝතල් කටුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
ඊයේ රාත්රී 07.00 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් අදාළ පුද්ගලයාට බෝතල් කටුවකින් ගෙල ප්රදේශයට ඇන තිබේ.
ගෙළට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ, ස්ටුවට් වීදියේ පදිංචි 31 හැවිරිදි අයෙකි.
ඝාතනය සිදුකළ පුද්ගලයා කවුරුන්දැයි පොලිසිය විසින් හඳුනාගෙන තිබෙන අතර ඔහු මේ වන විට ප්රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
කොම්පඤ්ඤවීදිය පොලිසිය ඔහු සොයා පරීක්ෂණ අරඹා තිබේ.