භාණ්ඩ 6ක මිල අඩුකළ ගැසට් නිවේදනය එයි

null

අයවැයෙන් අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 06 ක අඩු කළ මිල ඊයේ (26) මධ්‍යම රාත‍්‍රියේ සිට ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසා ඇත්තේ නොවැම්බර් මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම භාණ්ඩවල මිල අඩුකර ඇති බවයි.

ඒ අනුව වියලි හාල් මැස්සන්, පරිප්පු, කට්ට කරවල, සාලයා කරවල, කඩල සහ දේශීය කිරිපිටි ග‍්‍රෑම් 400 යන භාණ්ඩ වල මිල අඩුවනු ඇති.

පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2016 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී මෙම භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරීමට යෝජනා කර තිබිණි.

කෙසේ වෙතත් අඩු කළ මිලට භාණ්ඩ මිලදී ගත නොහැකි බවට පාරිභෝගිකයන් මැසිවිලි නැගිය. ඒ අනුව අඩු කල මිලට භාණ්ඩ අළෙවි නොකරන ව්‍යාපාරික ස්ථාන වැටලීමටද පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>