04 Mar 2015
භාරත ඝාතනය ගැන දුමින්ද ඇතුළු 13කට අධිචෝදනා ගොනුවෙයි
භාරත ලක්ෂමන් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට නීතිපතිවරයා විසින් කොළඹ මහාධීකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.
අයුතු ජන රාශිය,මිනී මැරීම,මිනී මැරීමට කුමන්ත්රණය කිරීම,මිනී මැරීමට අනුබල දීම ඇතුළු කරුණු 18 ක් යටතේ මෙලෙස අධි චෝදනා ගොනුකර තිබේ.
ඉකුත් 2010 වසරේ ඔක්තෝබර් මස 08 වැනි දා මැතිවරණයක් පැවැත්වෙමින් තිබිය දී කොලොන්නාව ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් අදාල ඝාතනය සිදුකෙරුණා.
ඒ සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළව කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් සාක්ෂි ලබාගැනීම ඊයේ (03) දිනයේද සිදුවූ අතර එහිදී දීර්ඝ ලෙස සාක්ෂි ලබාගැනීමෙන් ඉක්බිතිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි ලැබී ඇති බව මහේස්ත්රාත් අධිකරණය විසින් තීරණය කරනු ලදුව නීතිපතිවරයාට දැනුම්දී ඇත.