භාරත ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද උසාවියට

null

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු ඝාතනය කර තවත් අයෙකු ඝාතනය කිරීමට තැත්කළ බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනාට ලබන අප්‍රේල් පළමුවැනිදා උසාවි කැඳවා තිබේ.

එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දුමින්ද සිල්වා ඇතුළු පිරිසට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය නියෝග කර තිබෙන බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

චෝදනා 17 යටතේ ඔවුනට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, මාලක සමීර, ඩබ්ලිව්. අමිල, සරත් බණ්ඩාර, සුංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ එන්.එල්. ශමීන්ද්‍ර නමැත්තන්ට උසාවියේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>