01 Apr 2015
භාරත ඝාතන නඩුවෙන් දුමින්ද ඇතුළු පිරිසට ඇප
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණ.
එහිදී අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනාට ඇප නියම කර තිබේ.
ඒ අනුව චූදිකතයින්ට රුපියල් 50000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 යේ ශරීර ඇප 2ක් මත හා පෙර ඇප මත මුදා හැරිණි. ඊට අමතරව දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයින්ට විදේශගත වීම ද අධිකරණය තහනම් කළේ ය.
එම අවස්ථාවට භාරතගේ දියණියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද පැමිණ සිටියාය.
pics – අද දෙරණ