28 Apr 2015
භාරත ඝාතන නඩුව යළිත් කල්යයි
හිටපු ජනාධිපති උපදේශකවරයෙකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළ නඩුව අද (28) කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී අදාළ නඩු විභාගය මැයි මස 22 වන දින විභාගයට ගැනීමට මහාධිකරණය විසින් තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු අද දින අධිකරණයට පැමිණ තිබේ. එමෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද පැමිණ සිටියාය.