භූගත මන්දිරය ගැන මහින්ද පිළිතුරු දෙයි

null

කොළඹ කොටුව ජනාධීපති මන්දිරයේ පිහිටා ඇති භූගත මන්දිරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එම බංකරය එවකට ත්‍රස්ථවාදී තර්ජන හේතුවෙන් ගොඩනගන ලද බංකරයක් බවයි.

ඔහු මේ බව ප්‍රකශ කළේ අද නාරාහේන්පිට අභයාරාමයේදී විද්වතුන්, කලාකරුවන් ඇතුලු පිරිසක් හමුවූ අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

හදිසි අවස්ථාවල ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් පැවැත්වීම සඳහා මෙම භූගත මන්දිරය භාවිතා කළ බවද ඔහු සඳහන් කළේය.

එය තමාගේ මතය පිරිදි සිදුනොකළ දෙයක් බවද හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එවන් වූ බංකර් අරලියගහ මන්දිරයේදී ඇති බවත්, එවා ප්‍රසිද්ධියට පත් නොකළ යුතු කරුණු බවත් ඒ මහතා අවධාරණ කර සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>