භූමිකම්පා ඇතිවෙන්නේ කාන්තාවන් ඩෙනිම් ඇඳීම නිසයි

null

ගැහැණුන් ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්තානයේ ජමියත් උලේමා ඉස්ලාම් ෆාසි පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර් රහ්මන් මහතා පවසයි.

ඉස්ලාමාබාද්හී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශකොට තිබෙන්නේ ලොව පුරා භූ කම්පන , ස්වාභාවික ආපදා හා උද්ධමන තත්ත්වයන්ට මුල කාන්තාවන් ජීන්ස් ඇඳීමට පටන් ගැනීමෙන් පසුව බව යි.

එසේම ඩෙනිම් කලිසම් පැළඳගෙන පකිස්තානයේ සැරිසරන කාන්තාවන් ආරක්ෂක අංශ විසින් වහාම අත්අඩංගුවට ගත යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ගැහැණු පිටිගෝනියක් වගේ ඇඳුම් පැළඳීය යුතු බවද එසේ ඇඳුම් නොඅදින ගැහැණු යුද ආයුධයකට උපමා කර ඇති ඒ මහතා පකිස්ථානයේ පිපිරෙන බෝම්ම වලටද ගැහැණුන්ගේ ඩෙනිම් උපමා කර ඇති බව සඳහන් වේ.

තවද ඩෙනිම් කලිසම් අඳින ගැහැණු එළියට බසින්නේ නැතුව ඇතුළට වෙලා ඉන්නවා නම් තලේබාන්වරු පකිස්ථානයට ප්‍රහාර එල්ල නොකර සිටිනු ඇති බවද ඒ මාධ්‍ය හමුවේදී මවුලානා ෆස්ලූර් රහමන් මහතා පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>