මංගලට එරෙහිව ජිනීවා හිටපු නියෝජිත නඩු මගට

null

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව තමා නඩු මගට යොමු වන බව ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කලේ ඊයේ (21) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් තමා පෙනී සිටි බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් තමාට දිගින් දිගටම අසත්‍යය චෝදනා කර ඇති බව පෙන්වාදුන් ඇය එයට දැඩි ලෙස විරෝධය පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් තමා නඩු මගට යොමු වීමට තීරණය කර ඇති බවද අය එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊට එක් වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසා ඇත්තේ කුනනායගම් මහත්මිය කිසිදු අවස්ථාවක එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් නොපැවැත්වූ බවත්, රට වෙනුවෙන් පෙනී සිටී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකට එවැනි අසත්‍ය චෝදනාවක් නැගීම කනගාටු දායක වන බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>