මංගල්‍යයට මිනී පෙට්ටියකින් පැමිණි මනමාලි

null

වර්තමානයේ පැවැත්වෙන විවාහ උත්සව වලදී කවුරුත් මින් පෙර නොකළ දෙයක් කිරීමට බොහෝදෙනෙක් පෙළඹී සිටියි. එවැනි වෙනසක් සිදු කර ලෝකයේම අවධානයක් දිනාගත් විවාහ උත්සවයක් පසුගියදා එංගලන්තයේ ස්ටැෆර්ඞ්ෂයර්හි පල්ලියේ දී පවත්වා තිබේ.

මෙහිදී මනමාලිය විවාහ උත්සවයට පැමිණ ඇත්තේ මිනී පෙට්ටියකිනි. උත්සවය පැවැත්වෙන ස්ථානයට මිනී පෙට්ටිය රැගෙන එන ලද්දේ ද මනාලියගේ සොයුරකුගේ යතුරු පැදියකිනි. එය දැක මනාලයා මෙන්ම අමුත්තන්ද පුදුම වී ඇත.

මිනී පෙට්ටිය විවෘත කරනවාත් සමගම ඒ තුල සිටි මනාලිය දැක මනාලයාට කලාන්තය දැනී තත්පර කිහිපයක් හදිසි රෝගී තත්වයකට පත්වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස්ගත යුවළකගේ විවාහයක්වූ මෙහි මනාලිය 58 හැවිරිදි ජෙනී බක්ලෆ් වු අතර මනාලයා 51 හැවිරිදි කි්‍රස්ටෝපර් ලොකර්ය.

පෙර විවාහ වලින් වෙන්වී හුදෙකලාව සිටි මේ දෙදෙනාම නව විවාහයකට එළැඹෙන බව දැනගෙන විවිධ කතා හැදූ බවත් මැරෙන්න ඉන්න වයසේ මොන කසාදද ඇසූ බවත් පැවසූ මනාලිය තමා එම ඥාතින් පුදුමයට පත්කිරීමට මෙම විහිළුව කළ බවත් පසුව සඳහන් කර ඇත.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>