මංගල අද ජගත් මානව හිමිකම් කොමසාරිස් හමුවේ

null

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද (13) මුණ ගැසීමට නියමිතය.

එහිදී ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සැකසූ වාර්තාව පිළිබඳවද සාකච්ඡා කරනු ඇති.

අදාළ වාර්තාව ලබන සඳුදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු පෙරේදා ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

එහි හෙට පැවැත්වෙන ආරම්භක සැසියේ ඉහළ පෙලේ සාකච්ඡා සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතයි. එහිදී ඔහු කතාවක්ද පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිනි කොලොන්න පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>