මංගල උත්සවයකදී මහින්දගේ මුද්ද නැතිවෙලා වෙච්ච දෙයක්

null

ඉකුත් 27 වැනිදා රාත්‍රියේ කොල්ලුපිටිය ප්‍රධාන පෙළේ තරුපහේ හෝටලයක පැවති මංගල උත්සවයට සහභාගී වී සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත පැළදි මැණික් ඔබ්බවන ලද වටිනා මුදුවක් නැතිවී තිබේ.

මෙම විවාහ මංගල්‍යයට හිටපු ජනධිපතිවරයා සහ ප්‍රභූවරුන් රැසක් සහභාගි වී ඇති අතර එහිදී හිටපු ජනාධීපතිවරයා පිරිසට අතට අත දෙමින් සුභ පතමින් සිටිය දි මෙලෙස මුදුව අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

සිය අතේ තිබූ මුදුව අතුරුදන්ව ඇති බව දැනගත් හිටපු ජනාධිපතිවරයා ඒ බව එහි සිටි සමීපතමයන් කිහිප දෙනෙකුට දන්වා ඇති අතර පසුව පිරිස සහ හෝටලයේ සේවකයින් කිහිප දෙනෙකු එක්ව මුද්ද සොයා තිබේ.

පිරිස මංගල ශාලාව තුළ සහ එහි වැසිකිළිය තුළ මුද්ද සොයා ඇති අතර පසුව උත්සව ශාලාවේ හිටපු ජනාධිපතිවරයා සිටි මේසයට,මේස කිහිපයකට එහා බුමුතුරුණක් මත තිබූ මුදුව සේවකයෙකු විසින් සොයාගෙන හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>