මංගල දැන්වීමකින් හඳුනාගත් අයෙක් ගුරුවරියකට සුද්දයක්‌ දෙයි

null

මංගල දැන්වීමකින් සම්බන්ධ වු පුද්ගලයකු සමඟ ජාඇල ප්‍රදේශයේ පාසල් ගුරුවරියක්‌ මහනුවර තානායමක ගතකොට ඇයගේ පවුම් දෙකහමාරක රන් මාලය සහ ජංගම දුරකථනයද පැහැර ගෙන ගොස්‌ ඇති පුවතක්‌ පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.

ජාඇල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ද්‍රවිඩ ජාතික පාසල් ගුරුවරියක්‌ මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

ඇය තම කලින් විවාහයෙන් වෙන්වී ඇති අතර පසුව ඇයගේ මව විසින් පුවත්පතක පළ වූ මංගල දැන්වීමක දුරකථන අංක දෙකක්‌ ඔස්‌සේ සම්බන්ධ වු පුද්ගලයකු සමඟ මිතුරු වී ඇත.

ඔහු වයස අවුරුදු 42 ක්‌ වන ඉන්දියාවේ පදිංචි හා ලන්ඩනයේ සේවය කරන නම අන්බර්ශාන් නමැති පුද්ගලයෙක් බව ඇය පොලිසියට පවසා තිබේ.

පසුගිය පළවෙනි දින සවස තමන්ට තයිරොයිඩ් සඳහා ප්‍රතිකාර ගැනීමට නුවර යැමට අවශ්‍ය බවත් ඇයටද එම ගමනට සහභාගි වන ලෙස ඔහු කතා කර දෙදෙනාම මහනුවරට පැමිණ ත්‍රිරෝද රථයකින් තානායමකට පැමිණ රැය ගත කළ බවත් ඇය පොලිසියට සඳහන් කර ඇත.

එහිදී ඇයට මුහුණ පිසදා ගැනීමට අත්පිස්‌නා කඩදාසියක්‌ දුන් බවත් එයින් මුහුණ පිසදා ගත් පසු තමන්ට මොනවා වුණාද කියා නොදන්නා බවත් සිහිය ඇවිත් බලන විට පේරාදෙණිය දුම්රිය ස්‌ථානය සිටි බවට ඇයට තේරී ඇත.

තම ගෙල බැදි මාලය සහ ජංගම දුරකථනය රැගෙන ඔහු පලා ගොස්‌ ඇති බව ඇයට තේරී ඇත. පසුව ඇය විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>