මංගල බෑන් කී මූන් හමුවේ

null

අමෙරිකාවේ සංචාරයක නිරත වන විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතින්ගේ මහලේකම් බැන් කී මුන් මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.

නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ දී අදාළ සාකච්ඡා පැවති බව වාර්තා වෙයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව තරමක් දුරට කල් දමන ලෙසට විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගෙන් විමසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ජගත් මහලේකම්වරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ තීරණය මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසෙන් විසින් ගත යුතු බවයි. මෙම වාර්තාව මාර්තු 25 වන දායි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>