මංතීරු නීතිය අද සිට තවත් දිගුවෙයි

null

මංතීරු නීතිය තවත් මාර්ග කිහිපයක අද සිට දැඩිව ක්‍රියාත්මක කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා පරික්ෂණ මට්ටමේ පැවැති ආර්.ඒ ද මෙල් මාවත හෙවත් ඩුබ්ලිකේෂන් පාර, බෞද්ධාලෝක මාවත සහ හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ සිට කොළඹ දක්වා මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පසුගිය දිනවල සිදු කළ වැටලීම්වලදී මංතීරු නීතිය කඩ කළ රියදුරන් 13,000 කට අධික පිරිසකට එරෙහිව නඩු පැවරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

මංතීරු නීතිය ක්‍රියාත්මකවීමත් සමග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදයේ අඩුවිමක් පෙන්නුම් කරන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ ගිලන් රථයක ලෙඩෙකු රැගෙන යන අවස්ථාවකදී එම නීතිය අදාළ නොවන බවත්, රෝගියෙකු රහිතව ගිලන් රථයක් මාර්ගයේ ධාවනය වන්නේ නම් එයට මංතීරු නීතිය බලපාන බවත් ය.

පොලිස් නිල රථයක් අපරාධකරුවෙකු ලුහුබැඳ යන අවස්ථාවකදී, ගින්නක් හෝ අපරාධයක් සිදුවූ ස්ථානයකට ධාවනය කිරීමේදී මංතීරු නීතිය බලාත්මක නොවන බවත්, සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස් නිල රථයක් මාර්ගයේ ධාවනය කරන අවස්ථාවේදී එම නීතිය ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව මැති ඇමතිවරුන්ගේ රථවාහන සඳහාද මංතීරු නීතිය බලාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එහෙත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සැසි වාරයකට යන අවස්ථාවේදී පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මංතීරු නීතියෙන් නිදහස් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මංතීරු නීති නිසා සමස්ත බස්හිමියාම අපහසුතාවට පත්ව තිබෙන බැවින් එම නීතිය ලිහිල් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>