මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි

null

නියමිත මංතීරුවලින් බැහැරව අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය සූදානම් වෙයි.

මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම අද පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

කොළඹට ඇතුලුවන මාර්ගයන්හි සහ විශේෂයෙන් ශි‍්‍ර ජයවර්ධපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වා වූ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් යොදවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

නියමිත මංතීරු වලින් බැහැරව රිය පදවන රියදුරන්ට හා පදිකයන්ට එරෙහිව මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන අතර වැරදි කරන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට නියමිතයි.

රථවාහන තදබදය සහ රථවාහන අනතුරු අවම කරගැනීම මෙහි අරමුණ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>