29 Sep 2015
මක්කම ගිය වැල්ලවත්තේ අඹු – සැමි යුවළ අතුරුදන්
සෞදි අරාබියේ මක්කම වන්දනාවට ගිය කොළඹ – වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අඹු – සැමි යුවළක් අතුරුදහන් වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
එම අඹු – සැමි යුවළ සොයා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පවසයි.
පසුගිය දා මක්කම – හජ්ජි වන්දනාවේ පැමිණි බැතිමතුන් 717 දෙනෙකු මිය ගොස් 800කට වැඩි පිරිසක් තුවාල ලැබුහා. ඒ මක්කම සිට කිලෝමීටර් 5ක් ඈතින් පිහිටි මීනා ප්‍රදේශයේදී තෙරපීමකට ලක්වීමෙන්.