මක්කම දොඹකරයක් කඩා වැටී 107 ක් මරුට
මක්කම ඉස්ලාමීය පුද බිමේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 107ත් මියගිය බවත් 230කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය වන මැකා නුවර මහපල්ලිය මතට රතු පැහැති දැවැන්ත දොඹකරය කඩා වැටී ඇත්තේ ඊයේ සිකුරාදා දහවල් යාඥා මෙහෙය අතුරතුරයි. ඊට සුළු මොහොතකට පෙර ප්‍රදේශයේ අසාමාන්‍ය ඉහළ වර්ෂාපතනයක් සහ පැයට කිලෝමීටර් 83ක පමණ සුළං ප්‍රවාහයක් පැවති බව සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරයි.
සෑම මුස්ලිම් බැතිමතෙකුම සිය ජීවිත කාලය තුළදී එක් වරක් හෝ වන්දනාමාන කළ යුතු යැයි ශුද්ධ වූ කුරානයේ සඳහන් මැකා නුවර මහ පල්ලියේ හජ්ජි වන්දනා සමය ආරම්භවීමට ඇත්තේ තව දින 10ක් පමණයි.
මැකා දේවස්ථානය වරෙකට බැතිමතුන් විසි දෙලක්ෂයකට ඉඩ සලසන පරිදි එහි පුළුල් කිරීමේ කටයුතු සෞදි බලධාරීන් පසුගිය වසරේදී ආරම්භ කළ අතර මේ වන විටත් එම කටයුතු සිදුවෙමින් පවතී.