මගී ප්‍රවාහන නෞකාවක ගින්නක්

null

ග‍්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලයන් 466 දෙනෙකු රැගත් මගී නෞකාවක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලි සහ ග්‍රීක බලධාරීන් එක්ව අනතුරට පත් පිරිස බේරාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පුද්ගලයින් 150 දෙනෙකු බේරාගෙන ඇති අතර ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කටයුතු වලට බාධා සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම ගින්න හටගෙන තිබෙන අවස්ථාවේදී නෞකාවේ කපිතාන්වරයා නියෝග කර ඇත්තේ සියලූ මගීන්ට නෞකාවෙන් ඉවත් වන ලෙසයි. ඒ සදහා ජීවිතාරක්ෂක බෝට්ටු යොදාගෙන තිබේ. ගින්නෙන් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>