මගී බසයක් පැහැර ගැනීමට තැත්කළ 4ක් කොටු

null

කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ දී ධාවනය වෙමින් පැවති සුඛෝපභෝගී මගී ප‍්‍රවාහන බස් රථයක් නවතා එහි සිටි රියදුරා සහ මගීන් බස්සවා බස් රථය පැහැරගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රී රෝද රථයකින් පැමිණි සිව්දෙනා කඩුවෙල ටෙලිකොම් ආයතනය ඉදිරිපිටදී මග හරස් කොට නවතා මගීන් සහ රියදුරු බසයෙන් බස්සවා මෙම පැහැරගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම අවස්ථාවේදීම බස් රථය හඹා ගොස් කොස්වත්ත ප‍්‍රදේශයේදී අදාළ පුද්ගලයන් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මාලඹේ සහ මල්වාන ප්‍රදේශවල පදිංචි 21ත් 49 ත් අතර වියේ පසුවන පුද්ගලයින් වන බව වාර්තා වන අතර බස් රථ හිමිකරු සමඟ පැවති මුදල් ආරවුලක් මත මෙම පැහැරගැනීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>