මගේ ගමන සෙමෙන් – ආපසු හැරීමක් නෑ

null

තමන් වේගවත් ගමනක් යන්නෙකු නොවන බවත්, තමන් යන ගමන ආපසු හැරෙන්නෙත් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවස්තර උත්සවයට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

තමන් සෙමෙන් ගමනක් යන කෙනෙක් නිසා එම ගමන ආපසු හැරවීමට කිස‍ිසේත් සුදානම් නැතැයිද රට වෙනුවෙන් සියලුදෙනා එකතු කරගනිමින් එක ගමනක් යාම තම අරමුණ බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට හෘද සාක්ෂියට එකඟව තෝරා බේරා ගතයුතු කරුණු ඇතිබවද, ඒ සඳහා සියළු ජනකොටස් පිළිගන්නා පක්ෂයක් ලෙසට ශක්තිමත්ව පූර්ණ ප්‍රතිසංවිධානයට සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු බවද එතුමා මෙහිදී සිහිපත් කළේය.

එම අවස්ථාවට හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටි අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහභාගී වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>