මගේ නම කියලා හිතාගෙන මහින්දෝදය බෝඩ් එකත් ගලවනවා

null

මේ යන විදියට අපේ කාලයෙන් වැඩි හරියක් හිරගෙවල් වල සිටීමට සිදුවනු ඇතැයිද මම දන්නා දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි පළිගැනීම් සිදුව නැතැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකර තිබේ.

වසර දෙකහමාරක සිරදඬුවමක් නියමවී සිටින මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති මහින්ද අබේකෝන් මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනපති බන්ධනාගාරයට පැමිණ තිබේ.

එහිදී හෙතෙම වැඩි දුරටත් මෙසේ සඳහන් කර ඇත…

“මම හිතනවා මේ අපේ කාලෙන් වැඩි හරියක් මීට පස්සේ හිරගෙවල්වල ඉන්ඩ වෙයි කියලා.මොකද මේ යන විදහට. එක දවසකට එක මන්ත්‍රීවරයෙක් ගන්නවා. සිවිල් නඩු ක්‍රිමිනල් වෙනවා. ඉතිං මේ වගේ තමයි දැන් යන වැඩපිළිවෙළ. අර මහින්දෝදය කියන මගේ නමවත් නෙවෙයිනේ. මහින්දෝදය කියන්නේ මගේ නමයැ? මේක තමයි වැඩේ. නමෙයි කියලා හිතාගෙන මහින්දෝදය කියන ‍බෝඩ් එකත් ගලවනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>