මගේ සැමියා මරන්න එපා – සෝලංගආරච්චිගේ බිරිඳ කියයි

null

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ ආරක්ෂාව අවදානමක පවතින බව ඔහුගේ බිරිඳ ඊයේ (29) මාධ්‍යයට අනාවරණ කළේ ය.

ඒ ඊයේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඇය පවසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කළ අවස්ථාවේ සිට මෙම තත්ත්වය මතුව ඇති බව ය.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි සාවිත‍්‍ර ද සිල්වා නමැත්තා පොලිසියට භාරදුන් පිස්තෝලයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා විටින් විට පොලිස් නිලධාරීන් සිය නිවසට පැමිණෙන බවත්, එම පිස්තෝලය සිය සැමියා විසින් ලබාදුන් එකක් බව සාවිත‍්‍ර ද සිල්වා පොලිසියට ප‍්‍රකාශ කර ඇති බවත් ඇය එහිදී සඳහන් කර තිබේ.

කළු පැහැති ඇඳුම් ඇඳගත්, මුහුණු ආවරණය කරගත් පිරිස් මෙන්ම සුදු වෑන් මේවන විට දිවා රැයේ කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරන බවත්,මේ ආකාරයෙන්ම සැරිසරන ලද පිරිස් විසින් 2010 ඔක්තෝම්බර් මස 08 වන දින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ බවත් ඇය සිහිපත් කළාය. තම ස්වාමි පුරුෂයා ඝාතනය වනු දැකීම තමා කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත්, තම ස්වාමි පුරුෂයා තමාටත් , තම දරුවන්ටත් බෙහෙවින් ආදරය කරන බවත් ඇය සඳහන් කළාය.

කොළොන්නාව ප්‍රදේශයේ භීෂණකාරී තත්ත්වයක් දක්නට නොමැති වුවද රජය විසින් එවැන්නක් මවාපාන බවත්, එහෙත් ඒ කුමන වුවමනාවක් මතද යන්න තමන් නොදන්නා බවත් ඇය පෙන්වා දුන් අතර තමා මේ වන විට ගැබිණි මවක වුවද හිතේ කිසිදු නිදහසක් නොමැති බවත්, උදෑසන අවදිවුණු මොහොතේ සිටම ස්වාමියාට ඇති තර්ජන හේතුවෙන් භීතියෙන් දිවි ගෙවීමට සිදුව ඇති බවත්, තම ස්වාමියාට අනතුරක් නොකරන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය හැඬූ කඳුළින් යුතුව වැඩිදුරටත් කියා සිටි බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>