මට පරවාගෙන් පරයාත් හොඳට වෙන්කර ගන්න පුළුවන්

null

අගමැති තුමාට කූනිස්සාගෙන් ඉස්සත්, තෝරාගෙන් මෝරාත් වෙන්කර ගන්න බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්න පුළුවන් යැයි හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (17) අනුරාධපුර, සල්ගාදු පිටියේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියට සහභාගි වෙමිනි.

කිසියම් පක්ෂයක නායකත්වයට විදෙස් ගැති තැනැත්තන් පත් වූ විට බොහෝ දෙනාට අපහසුතාවලට මුහුණදීමට සිදුවන බව ඔහු පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි රටට ඇති සැබෑ පිළිලය කුමක්දැයි වැඩිකල් නොගොස් ජනතාව තේරුම් ගනු ඇති බවත්, එදා ලේ ගංගාව නතර කළ තමාට දැන් කතා කරන්නේ මේ රටේ පිළිළය යනුවෙන් බවත් හෙතෙම සඳහන් කර තිබේ.

තමන් පරාජයට පත්වි බලය ලබාදුන් අවස්‍ථාවේදී අගවිනිසුරු හා නීතිපතිවරයා ගෙන්වාගෙන කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කළ බවත්, එසේ කළේ ලෝකයා ඉදිරියේ අප අපකීර්තියට පත් කිරීමට බවත්, හෙතෙම ප්‍රකාශ කර ඇත.

විදේ‍ශ බලවේග හමුවේ කොන්ද නොනැමු නිසා මෙවැනි චෝදනා නගන බවත්, කණ්ණාඩිය ඉදිරියට ගිහින් බැලුවොත් ද්‍රෝහියා කවුදැයි පෙනෙනු ඇති බවත්, ඇඳුම් ඇඳගෙන කණ්ණාඩිය ළඟට ගිහින් බලන ලෙසත්, රාජපක්ෂ මහතා එහිදී ඉල්ලා සිටියේය.

අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>