මට ප්‍රශ්නයක් නෙමෙයි නම් පිටස්තරයන්ට මොකද? – ගුටි කෑ තරුණිය

null

තරුණයන් දෙදෙනෙක් අමානුෂික ලෙස තරුණියකට පහරදෙන වීඩියෝවක් පිළිබඳව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්වීමත් සමග මෙම වීඩියෝව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිසිය සූදානම් විය.

කෙසේ වෙතත් ඊයේ එම වීඩියෝවේ පහරකෑමට ලක්වන තරුණිය සහ ඇයට පහරදෙන තරුණයා ඇතුළු අනෙක් පුද්ගලයින් කටුනායක පොලිස් ස්ථානයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ.

මෙම සිදුවීම 2014 වර්ෂයේ නොවැම්බර් මස 15වන දින පස්වරු 1ට පමණ කටුනායක මාදූව ප්‍රදේශයේ මාදූව ගග අසළ දී සිදුවූවක් බවත්, ඔවුන් දෙදෙනා ඉදිරියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිත බවත් එහිදී අනාවරණය වී තිබේ.

තරුණයන් දෙදෙනෙකුගෙන් පහරකෑමට ලක්වූ බවට ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණිය මේ සම්බන්ධයෙන් නෙත් නිව්ස් වෙත අදහස් දක්වා ඇත.

එහිදී එම තරුණිය සඳහන් කළේ මෙය කාන්තා හිංසනයක් ලෙස තමන් නොදකින බවත්, තමන්ට මෙය ප්‍රශ්නයක් නොවේ නම් පිටස්තරයන්ට එය ප්‍රශ්නයක් නොවිය යුතු බවත් ය.

එමෙන්ම මෙම ෆේස්බුක් වීඩියෝව මේවන විට කෑගල්ල ප්‍රදේශයේ ඩී.වී.ඩී. ලෙස විකිණීමට තබා ඇතැයි පහරකෑමට ලක්වූ තරුණිය පවසයි. බොහෝ දෙන කෑගල්ලේ ඩී.වී.ඩී. අලෙවි කරන ස්ථානවලට පැමිණ එම දර්ශන ඉල්ලා සිටින බව එම තරුණිය විසින්ම කටුනායක පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ අතර ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් ඇයගේ පෙම්වතා බව කියන රුවන් කුමාර නැමැති තරුණයාට කටුනායක දී දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවද නෙත් නිව්ස් වාර්තා කරයි.

එම තරුණයා සඳහන් කර ඇත්තේ තරුණයන් පිරිසක් අදාළ වීඩියෝව නැරඹීමෙන් පසුව තමන්ට පහර දුන් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>