මට වුනේ සුපර් ස්ටාර් එකේදී ෂිහාන්ට වුනදේ

null

මෙවර මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට පාර්ලිමේන්තුවේ අසුනක් හිමි කරගැනීමට අවස්ථාවක් නොලැබුණි.

ඔහු සිය පරාජය පිළිබඳව හේතු දක්වමින් සඳහන් කර ඇත්තේ ප්‍රතිපත්ති දේශපාලනයට ලංකාවේ ඇගයුමක් නොමැති වීම හේතුවෙන් තමන් පරාජය වූ බවයි.

ඔහු වැඩි දුරටත් මෙසේ සදහන් කර තිබේ…

“මගේ මතයේ හැටියට ප්‍රතිපත්ති දේශපාලනයෙ යෙදෙන අය මෙවර මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වුණා. මට සිද්ධ වුනෙත් ඒකයි. මේ ඡන්දෙ කරන්න මං සල්ලි හොයාගත්තෙ මට අයිති මහනුවර තිබුණ ඉඩමක් විකුණලා. මං මාළු දැල් විකුණලා, වහල්වලට දාන්න දීපූ ෂීට් විකුණලා හම්බ කරපු සල්ලි නෙමෙයි මේකට යෙදෙව්වෙ. මං සිල් රෙදි ඛෙදන්න ගියෙත් නෑ.
මගේ ඡන්ද ව්‍යපාරෙ ආදර්ශවත් එකක්. කිසිම බිස්නස් කාරයෙක්ගෙන් මං සල්ලි ඉල්ලන්න ගියෙත් නෑ.

ඡන්දෙ කාලේ මාව ටීවී චැනල්වල දේශපාලන ප්‍රෝග්‍රෑම් වලට ගන්නෙයි කියලා මං ඉල්ලන්න ගියෙත් නෑ. මං නවකතා කාරයෙක් සිංදු හදපු චිත්‍රපට හදපු මිනිහෙක් මාව කැෙඳව්වනං කැෙඳව්වෙ ඒව ගැන සලකලා වෙන්න ඕන. මට ඇත්තටම වුනේ සුපර් ස්ටාර් එකේ ෂිහාන් මිහිරංගට වෙච්ච දේ. හු`ගක් අය හිතුවෙ එයා තමයි සුපර් ස්ටාර් වෙන්නෙ කියලා. නමුත් කවුරුවත් බලාපොරොත්තු නොවුණ විදිහට එයා තරගෙන් පැරදුණා. සුපර් ස්ටාර් වුනේ අජිත් බණ්ඩාර. මං ගැනත් හුගක් අය හිතුවෙ එහෙමයි. ඒත් අන්තිමේ මට පාර්ලිමේන්තු යන්න බැරි වුණා. ගොඩක් අය මට කතා කරලා කණගාටුව පළ කළා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>