මඩු විහාරයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

null

මන්නාරම මඩු ශී‍්‍ර බෝධිරාජ විහාරාධිපති පූජ්‍ය පන්නිපිටියේ ජිනරතන හිමියන් අභිරහස් ලෙස අපවත් වී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

උන්වහන්සේගේ සිරුර එම විහාරස්ථානයේම කාමරයක් තුළ තිබී සොයා ගත් බව මඩු පොලීසිය පවසයි.

දානය රැගෙන පන්සලට ගිය දායකයන් මේ බව පොලීසියට දන්වා ඇති අතර අනතුරුව උන්වහන්සේගේ සිරුර සොයාගෙන තිබුණි.

ඒ අසල සිවුර හැලී ගොස් තිබූ අතර, අවට ප්‍රදේශයේ දම් පැහැති දියරයක් විසිරී තිබූ බවද පොලීසිය සඳහන් කරයි.

ඊයේ (15) දහවල් දානය රැගෙන යන විට උන්වහන්සේ අසනීපයෙන් පසු වූ බවද, දානය වළඳා නොතිබුණු බවද ප‍්‍රදේශවාසීන් කියා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>