මත්තල ගුවන්තොටුපළ ණය ගෙවන්න අවුරුදු 140,000ක් යනවා

null

මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමට රුපියල් මිලියන 27,000 ක් වැය කළද එහි මාසික ආදායම රුපියල් 16,000 ක් බැවින් ගුවන්තොටුපල ඉදිකිරීමට වැය කළ මුදල නැවත සෙවීමට වසර 140,000 ක් පමණ ගතවන බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22) පිටකෝට්ටේ සෝලිස් හෝටලයෙදී පැවති විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි හෝමෝ ඉරෙක්ටර්ස් මානවයා, හෝමෝ සේපියන් බවට පරිවර්ථනය වීමට ගතවූයේ ද මීට සමාන කාලයක් බවත්, මෛත‍්‍රී බුදුන් බුදු වනතුරු ද මේ ණය ගෙවාගත නොහැකි වන බවත්, මහින්ද රාජපක්‍ෂ කොල්ල කා ඇත්තේ වසර ගණනකට නොව කල්ප ගණනකට ජීවත් සිටීමේ අරමුණක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>