06 Jun 2015
මත්තල ගුවන් තොටුපොළ හදනකොට මොනරු සිය ගණනක් මරලා
මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමේදී මොනරුන් සිය ගණනක් මරා දමා ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුවේ ඊයේ (05) පැවැති ජාතික පරිසර දින සැමරුම් උළෙලට එක්වෙමින හෙතෙම මේ බව සඳහන් කර තිබේ.
“හිතුමතේට දකුණේ ගුවන් තොටුපළක් හදා මොනරුන් සිය ගණනක් මරා දමා ඇතැම් මහා පරිමාණයේ යෝජනා ක්රමවලින් රටට ජනතාවට ලොකු හානියක් සිද්ධ වුණා. පරිසරය නැසුණා. කැලෑව නැතිවුණා. ඒ කළ අය කවුදැයි මා නම් කියන්නේ නෑ. ඔවුන්ගේ සිත් රිදෙන නිසා.”