මත්තල වී ගබඩාවක් ලෙස යොදාගනී
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්ග අඩි 8000ක ප්‍රදේශයක් වී ගබඩාවක් ලෙස යොදා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.
මත්තල ගුවන් තොටුපළේ දැනට භාවිතයට නොගන්නා කොටසක් තාවකාලිකව එම කටයුතු සඳහා යොදාගන්නා බව ඔහු පවසා ඇත.
එය ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කර ගත් ක්‍රියාමාර්ගයක් බවත්, ගුවන් තොටුපළ කටයුතුවලට ඉන් බලපෑමක් නැති බවත්, එසේ වුවද එම කොටස අඛණ්ඩව එම කටයුතු සඳහා යොදාගැනීමට උවමනාවක් නැති බවත්, ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ අතර මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කළ මුදල රුපියල් මිලියන 6000ක් නිසා ගොවීන් ඒ ගැන අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි ද ඔහු පවසයි.