මත්ද්‍රව්‍ය ටොන් 2ක් සමග සෞදි කුමරෙක් මාට්ටු

null

විශාලතම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ සෞදි අරාබියේ අබ්ද් අල්-මුහ්සින් බින් වලීඩ් බින් අබ්දුල්අසීස් අල් සවුඩ් කුමරු හා තවත් සිවු දෙනෙකු ලෙබනනයේ, බේරුට් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සෞදි කුමාරයාට අයත් පෞද්ගලික ගුවන් යානයකින් අදාළ මත්කුඩු තොගය වෙනත් රටකට රැගෙන යාමට ඔවුන් උත්සහ දරා ඇත.

ලෙබනන් මාධ්‍ය වාර්තා කළේ මත්ද්‍රව්‍ය ටොන් දෙකක් ඔවුන් සතුව තිබී සොයා ගැනුනු බවයි.

මෙම මත්ද්‍රව්‍ය අතර මැදපෙරදිග කලාපයේ තහනම් කෙරුණු, සිරියානු කලාපයේ සටන්කාමීන් අතර ජනප්‍රිය මත් ඖෂධයක් හා කොකේන් මත්ද්‍රව්‍ය පැවති බව ලෙබනන් බලධාරීහු පවසති.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>