මත්පැන් පානය කළ බව මව දැනගත් නිසා සිසුවෙකු දිවි නසාගෙන

null

අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි රුවන්වැල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවකු ගෙල වැලලා ගෙන මියගොස් තිබේ.

ඔහු යහළුවන් සමග මත්පානයක්‌ සකස්‌ කරගෙන එය පානය කිරීම සිය මවට හෙළිවීම නිසා ඔහු මෙසේ සිය දිවි හානි කරගන්නට ඇති බව සඳහන්.

මේ පිළිබඳව සාක්ෂි දෙමින් එම සිසුවාගේ මව මෙසේ සඳහන් කර ඇත…

“පුතා පසුගිය 4 දා ප.ව. 2.30 ට පමණ පාසල ඇරිලා ගෙදර ආවා. නැවත පාසලෙන් දුන් ප්‍රශ්න පත්‍රයක්‌ බලන්න කසුන්ලාගේ ගෙදර යනවා කියා ගිහින් 5.30 ට පමණ ආපසු ගෙදර ඇවිත් නිදාගත්තා. මම ඒ ගැන ඇහුවහම ඔළුව රිදෙනවා කියා කීවා. මට සැක හිතිලා දිගටම අහනකොට මත්ද්‍රව්‍යයක්‌ හදාගෙන බිව්වා කියලා පිළිගත්තා. ඒ බව තාත්තාට කීවොත් “වහ බොනවා” කිව්ව නිසා මම ඒ බව සැමියාට කීවේ නැහැ. ළමයා සාමාන්‍ය පරිදි පසුවදා පාසල් ගියා. ඒත් සවස 4 විතර වෙනකොටත් ආපසු ආවේ නැති නිසා හැමෝම ළමයා හොයන්නට පටන් ගත්තා. 6.30 ට විතර ආරංචි වුණා. පුතා පාළු වත්තක මැරිලා ඉන්නවා කියා.”

එහිදී සාක්ෂි ලබාදෙමින් එම සිසුවාගේ මිතුරන් පවසා ඇත්තේ කලක සිට මේ ආකාරයට මත්පැන් පානය කිරීමට ඔවුන් පුරුදු වී සිටි බවයි.

ඔහු දිවි නසා ගැනීමට යොදාගෙන තිබුණේද ඔවුන් මත්පැන් පානය කිරීමට යොදාගත් පාළුවට ගිය නිවසයි.

දේහය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය කරවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය එච්. එම්. පී. බී.කේ. හේරත් මහතා විසින් පවත්වන ලදී රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>