මත්පෙති ගෙනා තරුණයා රතන හිමිගේ ලේකම් බව කියලා

null

එක්ස්ටසි නැමැති මත්පෙති තොගයක් සමඟ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මත් පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් 4 දෙනාගෙන් එක් අයෙකු රතන හිමියන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු බව පැවසීයැයි සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ සුරාබදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් පළ කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ අත්අඩංගුවට ගැනුණු තරුණයා තමන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු නොවන බවත්, ඔහු තම කාර්යාලයේ පරිගණක අංශයේ කටයුතුවලට සම්බන්ධ වූ අයෙකු බවත් ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ රතන හිමියන් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණක් පැවැත්වීමට පොලිසිය වග බලාගත යුතු බවයි.

කෙසේ වෙතත් මේ වන විට මෙම සිදුවීම මුල් කර ගනිමින් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළින් තරුණයන් බොහෝ දෙනෙක් තම අදහස් පළ කරමින් සිටින අතර ඇතැම් දේශපාලන අරමුණු උදෙසා ක්‍රියාත්මක ෆේස්බුක් ගිණුම් මගින් පෙන්වා දී ඇත්තේ ජාතික හෙළ උරුමය මීට වගකිව යුතු බවයි.

ෆේස්බුක් ගිණුම් මගින් පෙන්වා දී ඇති කරුණු පහතින්…

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>