31 May 2015
මධුසමයට ගිය මනාලයා අතුරුදහන්
විවාහ මංගල්‍යයෙන් පසුව දෙල්තොට හෝටලයකට මධුසමය ගත කිරීමට ගිය යුවළක මනාලයා රාත්‍රී දොලහට පමණ අතුරුදන්ව ඇතැයි ගලහ පොලීසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ යුධ හමුදාවේ වසර 10 පමණ සේවය කරන දෙල්තොට රැලිමංගොඩ පදිංචි 33 හැවිරිදි වන ජී. ධර්මසේන නැමති පුද්ගලයෙකි.
ඔහු පසුගිය 29දා මුල්ගම පදිංචි වයස අවුරුදු 23 ක් වන ආර්.ජී. ප්‍රියංකා නැමති කාන්තාව සමග විවාහ වී තිබේ. පසුව මධුසමය ගත කිරීමට දෙල්තොට විලේජ් නැමති හෝටලයට ගොස් ඇත.
එදින රාත්‍රී දොලහට පමණ මනාලයා කාමරයෙන් එළියට ගොස් ඇති අතර නැවත කාමරයට පැමිණ නැත. එළිවනතුරුත් ඔහු නොපැමිණි නිසා මනමාලිය ගලහ පොලීසියට පැමිණිලි කොට ඇත. පොලිසිය මගින් නිල සුනඛයින් යොදාගෙන අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට උත්සාහ කළත් ඔහු පිළිබඳ කිසිම තොරතුරක් තවමත් නැතියි පොලීසිය පවසයි.