මධුසමයේදී අතුරුදන්වූ මනාලයා හමුවේ – මනාලිය කැන්දන් යන්න සල්ලි නැතිලු

null

දෙල්තොට හෝටලයකට මධුසමය ගතකිරීමට ගොස් පසුගිය (29) අතුරුදන් වූ මනමාලයා ඊට දින හතරකට පසුව දාරාඔය ප්‍රදේශයේ මහමග ඇවිද යමින් සිටයදී හමුවී තිබේ. ඔහු දුටු ප්‍රදේශවාසීහු මේ පිළිබඳව ගලහ පොලිසීයට දැනුම් දී ඇති අතර ඉන්පසු ගලහ පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙසේ අතුරුදන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිංචි 33 හැවිරිදි ඩී. ධර්මසේන නැමතියුද හමුදා සෙබළෙකි. ඔහු මුල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන ආර්.ජී. ප්‍රියංකා නැමති තරුණියක සමග පසුගිය 29 වනදා විවාහ වී දෙල්තොට ප්‍රදේශයේ හෝටලකට මධුසමය ගත කිරීමට පිටත්වී ඇත.

එහිදී රාත්‍රී දහයයි තිහට පමණ කාමරයෙන් එළියට ගිය ඔහු නැවතත් කාමරයට නොපැමිණි නිසා තරුණියද එළියට පැමිණ විපරම් කොට තිබ්. එවිට එහි සිටි ආරක‍්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ ඔහු එළියට යනු තමා දුටු බවයි. දීර්ඝ වේලාවකින් ඔහු නොපැමිණි නිසා ඇය ගලහ පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇත.

ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ක්ලාන්ත ගතියකින් පෙළී ඇති නිසා පසුව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත් කොට ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ පසුදා මනමාලිය නිවසට කැඳවාගෙන යාමට මුදල් තමා සතුව නොපැවති නිසා එය තමාගේ හිතට වදයක් වූ බැවින් ඒ පිළිබඳ කල්පනා කරමින් හෝටලයෙන් එළියට ගිය බවයි. එසේ ගොස් ලූල්කදුර තේ වත්තේ ඇති ගල්ගුහාවකට වී සැඟවී මෙම දින කිහිපය සිටි බවත් මෙම දින කිහිපය තුළ කිසිම අහරක් නොලැබුණු බවත්ය.

පෙර පළවූ පුවත පහතින්…

මධුසමයට ගිය මනාලයා අතුරුදහන්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>